වැඩි දෙනෙක් කැමති ලිපි..

පරිගණක වර්ග

ඔබේ පරිගණය පිළිබඳ හදාරන්න
  • පරිගණකය හැඳින්වීම
  • පරිගණකයක කොටස්
  • ඔබේ mouse භාවිතය
  • ඔබේ keyboard භාවිතය
  • ඔබේ පරිගණකය නිසි ලෙස නිවා දැමීම(shutdown)

පරිගණකය හැඳින්වීම

මෙම ලිපියෙහි
  • පරිගණක යනු කුමක් ද?
  • පරිගණක වර්ග
  • පරිගණක සමගින් ඔබට කළ හැක්කේ කුමක් ද?
ඔබ පරිගණක භාවිතයට නවකයෙක් ද? පරිගණකයෙන් සිදු කෙරෙන දෑ පිළිබඳව ඔබ මවිතයට පත්ව සිටින්නේ ද එවැන්නක් භාවිත කිරීමට අවශය කුමක් නිසාදැයි ඔබ සිතමින් පසුවන්නේ ද? ඔබ නිවැරදි තැනට පැමිණ ඇත. පරිගණක පිළිබඳ උපරිදැක්මක් මෙම ලිපියෙන් සපයයි: පරිගණක යනු කුමක් ද, විවිධ පරිගණක වර්ග, සහ පරිගණක භාවිතයෙන් ඔබට කුමක් කළ හැකි ද.

පරිගණක යනු කුමක් ද?

පරිගණක යනු software හෝ commands පද්ධතියකට අනුව කාර්යයන් හෝ ගණනය කිරීම් සිදු කරන යන්ත‍රයයි. පූර්ණ ඉලෙක්ටොනික පරිගණක පළමු වරට හඳුන්වාදෙනු ලැබුයේ 1940 දශකයේදීය, විශාල යන්තර වූ එම පරිගණක ක්‍රියාත්මක කිරීම සඳහා පුද්ගලයින් සමූහයක් අවශ්‍ය විය. එම පැරණි යන්ත්‍ර සමග සසඳන විට, වත්මන් පරිගණක මවිත කරවන සුලුය. එම පරිගණක පෙර පරිගණකයන්ට වඩා දහස් වාරයකින් වේගවත් වූවා පමණක් නොව, ඔබේ මේසය මත, ඔබේ උකුල මත, තබා ගැනීමට පමණක් නොව ඔබේ සාක්කුවෙහි රඳවා ගැනීමට වුව ද හැකියාව ලැබී ඇත.
දෘඪාංග(hardware) සහ මෘදුකාංගවල(software) අන්‍යෝන්‍ය ක්‍රියාකාරිත්වය මත පරිගණක ක්‍රියාත්මක වෙයි. පරිගණකයක ආවරණය සහ ඒ තුළ ඇති සියලු දෑ ඇතුළත්ව ඔබට පෙනෙන සහ ස්පර්ශ කළ හැකි කොටස් දෘඪාංග(hardware) නමින් හැඳින්වෙයි. දෘඪාංගයෙහි වැදගත්ම කොටස වන්නේ මධ්‍යම සැකසුම් ඒකකය (CPU), හෝ අණුසකසුව(processor) නමින් හැඳින්වෙන ඔබේ පරිගණකයෙහි ඇති කුඩා ඍජුකොණාස්‍රාකාර පසුරයි. එය ඔබේ පරිණකයෙහි ඇති "මොළය"යි—එය උපදෙස් පරිවර්තනය කරන සහ ගණනය කිරීම් සිදු කරන කොටසයි. මොනිටරය(monitor), යතුරුපුවරුව(keyboard), මූසිකය(mouse), මුද්‍රකය(printer), සහ වෙනත් සංරචක(devices) වැනි දෘඪාංග අයිතම දෘඪාංග උපාංග, හෝ උපාංග නමින් හැඳින්වෙයි.
මෘදුකාංග(software) යනු දෘඪාංග කළ යුතු දෑ පිළිබඳ උපදෙස්, හෝ ක්‍රමලේඛයි. ඔබේ පරිගණකයෙහි ලිපි ලිවීමට ඔබට භාවිත කළ හැකි වදන් සැකසුම් ක්‍රමලේඛයක්(microsoft word) මෘදුකාංග වර්ගයක් වෙයි. මෙහෙයුම් පද්ධතිය -opareting system(OS) යනු ඔබේ පරිගණකය සහ එයට සම්බන්ධිත උපාංග කළමනාකරණය කරන මෘදුකාංගයි. හොඳින්-හඳුනන මෙහෙයුම් පද්ධති දෙකක් වන්නේ Windows සහ Mac OSය. ඔබේ පරිගණකය Windows මෙහෙයුම් පද්ධතිය භාවිත කරයි.

පරිගණක වර්ග

ප්‍රමාණයෙන් සහ හැකියාවෙන් වෙනස් වූ පරාස පරිගණක සතුය. පරිමාණයේ එක් කෙළවරක සංකීර්ණත්වයෙන් වැඩි ගණනය කිරීම් සිදු කරන සබැඳුණු අණුසකසු(processors) දහස් ගණනකින් සමන්විත සුපිරි පරිගණක, ලෙස හැඳින්වෙන ඉතා විශාල පරිගණක පවතී. අනෙත් කෙළවරෙහි කාර්, රූපවාහිනී, ස්ටීරියෝ පද්ධති, කැල්ක්‍යුලේ‍ටර, සහ උපකරණ තුළට කාවද්දා ඇති ඉතා කුඩා පරිගණක වෙයි. මෙම පරිගණක නිපදවා ඇත්තේ සීමිත කාර්යයන් සිදු කිරීම සඳහාය.
පෞද්ගලික පරිගණකය, හෝ PC, එක් වරකට එක් පුද්ගලයකුට පමණක් භාවිත කිරීමට හැකිවන සේ සැලසුම් කර ඇත. මෙම අංශය මගින් විවිධ පෞද්ගලික පරිගණක වර්ග පිළිබඳ විස්තර කරයි: ඩෙස්ක්ටොප්-desktop, ලැප්ටොප්-laptop, අත් රැඳි පරිගණක-palmtop, සහ තල පරිගණක.

ඩෙස්ක්ටොප් පරිගණක(desktop computer)

ඩෙස්ක්ටොප් පරිගණක මේසයක් හෝ ඩෙස්කයක් මත භාවිත කිරීමට හැකිවන සේ සැලසුම් කර ඇත. සාමාන්‍යයෙන් ඒවා වෙනත් පෞද්ගලික පරිගණකවලට වඩා විශාලත්වයෙන් සහ බලවත්කමින් වැඩිය. වෙන් වෙන් වශයෙන් පවතින සංරචකවලින් ඩෙස්ක්ටොප් පරිගණක සෑදී ඇත. එහි මූලික සංරචකය, පද්ධති ඒකකය(system unit) නමින් හැඳින්වෙන අතර, සාමාන්‍යයෙන් එය මේසයක් යට හෝ මත හෝ තබන ඍජුකෝණාස්‍රාකාර ආවරණයක් සහිත වූවකි. මොනිටරය-monitor, මූසිකය-mouse, සහ යතුරුපුවරුව-keyboard වැනි වෙනත් සංරචක-device, පද්ධති ඒකකයට සම්බන්ධ කර ඇත.

ලැප්ටොප් පරිගණක(laptop computer)

ලැප්ටොප් පරිගණක යනු සිහින් තිරයක් සහිත බරින් අඩු ජංගම පරිගණකයකි. ඒවා ප්‍රමාණයෙන් කුඩාවීම නිසා නෝට්බුක් පරිගණක ලෙස හඳුන්වයි. ලැප්ටොප් පරිගණක බැටරි මගින් ද ක්‍රියාත්මක කළ හැකිය, එම නිසා ඒවා ඕනෑම ස්ථානයකට ගෙනයා හැකිය. ඩෙස්ක්ටොප් පරිගණක මෙන් නොව, ලැප්ටොප් පරිගණක CPU, තිරය, සහ යතුරුපුවරුව එකට සම්බන්ධ කර ඇත. භාවිත නොකරන විට තිරය යතුරු පුවරුව මතට හකුළා තබයි.

අත් රැඳි පරිගණක(palmtop)

අත් රැඳි පරිගණක, පෞද්ගලික අංකිත සහයක (PDAs) ලෙසද හඳුන්වයි, ඒවා බැටරිවලින්-බලගැන්වූ පරිගණක වන අතර ඕනෑම ස්ථානයක ගෙන යාමට තරම් ප්‍රමාණයෙන් කුඩා වෙයි. අත් රැඳි පරිගණක ඩෙස්ක්ටොප් පරිගණක හෝ ලැප්ටොප් පරිගණක මෙන් වේගවත් නොවුව ද, ලිපින සහ දුරකථන අංක ගබඩා කිරීමෙන් හමුවීම් කාර්ය සටහන් කිරීමට සහ ක්‍රීඩාවල නියැලීමට ප්‍රයෝජනවත් වේ. සමහර පරිගණක තුළ දුරකථනයෙන් ඇමතීම හෝ අන්තර්ජාලයට පිවිසීම හෝ වැනි වඩාත් වැඩිදියුණු කළ ශක්‍යතා පවතියි. අත් රැඳි පරිගණකවල යතුරුපුවරු වෙනුවට ඔබේ ඇඟිල්ල හෝ ඵලක පෑන (පෑනක-හැඩයෙන් යුත් යොමුකිරීමේ මෙවලමක්) සමග භාවිත කරන ස්පර්ශක තිර පවතී.
අත් රැඳි පරිගණක

තල පරිගණක

තල පරිගණක යනු අත් රැඳි පරිගණක සහ ලැප්ටොප් පරිගණක ගුණාංග සංයුක්ත වූවකි. ලැප්ටොප් පරිගණකයන්හි මෙන් බලවත්වන අතර එයට ආවේණික වූ තිර පවතී. අත් රැඳි පරිගණකයන්හි මෙන් එහිදීද, ඵලක පෑනක් වෙනුවට සාමාන්‍යයෙන් තල පෑනක් මගින් තිරයෙහි සටහන් ලිවීමට හෝ පින්තූර ඇඳීමට ඉඩ සලසයි. එසේම ඔබේ අත්අකුරු ටයිප් කළ පෙළකට හැරවීමට ද ඊට හැකිය. සමහර තල පරිගණකයන්හි පහත පවතින යතුරු පුවරුව දිස් වෙන සේ කරකැවී දිගහැරෙන තිර සහිත “වෙනස් කළ හැකි” ඒවා ද වෙයි.
තල පරිගණක

පරිගණක සමගින් ඔබට කළ හැක්කේ කුමක් ද?

රාජකාරි ස්ථානයක වාර්තා තබා ගැනීමට, දත්ත විශ්ලේෂණයට, සමීක්ෂණ සිදු කිරීමට, සහ ව්‍යාපෘති කළමනාකරණයට බොහෝ පුද්ගලයන් පරිගණක භාවිත කරති. තොරතුරු සෙවීම, පින්තූර සහ සංගීත ගබඩා කිරීම, මූල්‍ය තොරතුරු සොයා ගැනීම, ක්‍රීඩාවන්හි නියැලීම, සහ අන් අය සමග සන්නිවේදනය කිරීම යනාදිය පරිගණක භාවිතයෙන් නිවසේදී සිදු කළ හැකිය, — ඒවා කළ හැකි කාර්යයන් අතරින් කිහිපයක් පමණි.
ලෝකය පුරා පවතින පරිගණක සම්බන්ධ කරන ජාලයක් වන, අන්තර්ජාලයට-.internet සම්බන්ධවීමට ද ඔබට පරිගණකය භාවිත කළ හැකිය. බොහෝ නාගරික ප්‍රදේශවල සුලබ ලෙස ද ජනගහනය අඩු ප්‍රදේශවල යම් තාක් දුරකට ද අන්තර්ජාල පිවිසුම මාසික ගාස්තුවක් යටතේ ලබාගත හැකිය. අන්තර්ජාල පිවිසුම ඔස්සේ, ලෝකය පුරා සිටින පුද්ගලයන් සමග සන්නිවේදනය කළ හැකි අතර තොරතුරු විශාල ප්‍රමාණයක් ද සොයා ගැනීමට ද අවස්ථාව සැලසේ.
පරිගණක මගින් සුලබව සිදු කරන දෑ අතරින් කිහිපයක් මෙසේය:

වෙබය - WWW

විශ්ව විසිරි වියමන world widw web(සාමාන්‍යයෙන් ද වෙබ්, හෝ වෙබය ලෙස හඳුන්වයි) යනු තොරතුරුවලින් පිරුණු දැවැන්ත ගබඩාවකි. අන්තර්ජාලයෙහි වඩාත් ප්‍රචලිත කොටස වෙබයයි, එයට එක් හේතුවක් වන්නේ, එමගින් ආකාර්ශනීය වූ දෘශ්‍යමය ආකෘතියක් ලෙස තොරතුරු දැක්වීමයි. සිරස්තල, පෙළ, සහ පින්තූර තනි වෙබ් පිටුවකට සංයුක්ත කළ හැකිය—එය බොහෝ දුරට සඟරාවක ඇති පිටුවකට සමාන වෙයි—එයට ශබ්ද සහ සජීවීකරණ ද ඇතුළත්ය. ‍වෙබ් අඩවියක් යනු එකිනෙකට සම්බන්ධිත වෙබ් පිටුවල එකතුවකි. වෙබයට වෙබ් අඩවි මිලියන ගණනක් සහ වෙබ් පිටු බිලියන ගණනක් අඩංගු වෙයි.
වෙබයෙහි සැරිසැරීම යනු එය ගවේෂණය කිරීමයි. සිතිය හැකි ඕනෑම මාතෘකාවක් පිළිබඳ ඔබට වෙබයෙන් තොරතුරු සොයාගත හැකිය. නිදසුනක් ලෙස, පුවත් විත්ති සහ සල රූ සමාලෝචන කියවීම, ගුවන් ගමන් කාල සටහන් පරීක්ෂා කිරීම, මාර්ග සිතියම් බැලීම, ඔබේ නගරය සඳහා වන කාලගුණ අනාවැකි ලබා ගැනීම, හෝ සෞඛ්‍ය තත්වය විමර්ශනය කිරීම සිදු කළ හැකිය. බොහෝ ආයතන, රාජ්‍ය නියෝජිත ආයතන, කෞතුකාගාර, සහ පුස්තකාල ආදියෙහි ඒවායෙහි නිෂ්පාදන, සේවා, හෝ එකතු පිළිබඳ තොරතුරු සහිත වෙබ් අඩවි පවතී. ශබ්දකෝෂ සහ විශ්වකෝෂ වැනි, ආශ්‍රිත මූලාශ්‍ර ද, පවතී.
වෙබය සාප්පු සවාරි යන්නන්ට සතුට ගෙන දෙන්නකි. ඔබට නිෂ්පාදන—එනම් පොත්, සංගීත, සෙල්ලම් බඩු, ඇඳුම්, විද්‍යුත් භාණ්ඩ, සහ තවත් දේ—ප්‍රධාන විකුණුම්කරුවන්ගේ වෙබ් අඩවි පිරික්සා මිලදී ගත හැකිය. එසේම වෙන්දේසි-ක්‍රමයට ඉල්ලීම් කළ හැකි වෙබ් අඩවි මගින් ද භාවිත කළ අයිතම මිලදී ගැනීම සහ විකිණීම ඔබට සිදු කළ හැකිය.
අන්තර්ජාලය සහ වෙබය ගවේෂණය කිරීම පිළිබඳ වැඩි තොරතුරු සඳහා, අන්තර්ජාලය ගවේශනය කිරීම බලන්න.

ඉ‑තැපෑල(e-mail)

ඉ‑තැපෑල (ඉලෙක්ට්‍රොනික තැපෑල යන්නට කෙටි යෙදුමකි) යනු අන්‍යයන් සමග සන්නිවේදනය කළ හැකි පහසු ක්‍රමයකි. ඉ‑තැපැල් පණිවිඩයක් යවන විට, එය ක්ෂණිකවම ලාභියාගේ ඉ‑තැපැල් එනලිපි වෙත ළඟා වෙයි. ඔබට එකවර පුද්ගලයන් බොහෝ පිරිසකට ඉ‑තැපැල් යැවීම, සහ ඉ‑තැපැල් සුරැකීම, මුද්‍රණය කිරීම, සහ අන්‍යයන්ට ඉදිරිපත් කිරීම සිදු කළ හැකිය. ඔබට ලේඛ, පින්තූර, සහ සංගීත ගොනු ඇතුළත්ව ඕනෑම ගොනු වර්ගයක් ඉ‑තැපැල් පණිවිඩයක යැවිය හැකිය. එසේම ඉ‑තැපැල් සමග, ඔබට මුද්දරයක් අවශ්‍ය නොවේ! ඉ‑තැපෑල ඇරඹීම බලන්න.

ක්ෂණික පණිවුඩකරණය(chatting)

ක්ෂණික පණිවුඩකරණය යනු වෙනත් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් සමග සජීවී පිළිසඳරක යෙදීම වැන්නකි. ඔබ ක්ෂණික පණිවිඩයක් ටයිප්කර යැවූ විට, පණිවිඩය ඒ විගසම සියලු ලාභීන්ට දෘශ්‍යමාන වෙයි. ඉ‑තැපැල්, මෙන් නොව මේ සඳහා සියලු ලාභීන්ට එකම වේලාවේ සබැඳිව (අන්තර්ජාලයට සම්බන්ධව) ඔවුන්ගේ පරිගණක ඉදිරියෙහි සිටීමට සිදු වෙයි. ක්ෂණික පණිවුඩකරණය මගින් සන්නිවේදනයෙහි යෙදීම කතාබස් කිරීම(චැටින්) ලෙස හැඳින්වේ.

පින්තූර(pictures), සංගීත(Music), සහ සලරූ(Video)

ඔබට ඩිජිටල් කැමරාවක් තිබේ නම්, කැමරාවෙන් පරිගණකයට ඔබේ පින්තූර ගෙනයා හැකිය. අනතුරුව ඒවා මුද්‍රණය කිරීමට, විනිවිදක දැක්ම තැනීමට, හෝ ඉ‑තැපැල් හෝ වෙබ් අඩවියට පළ කිරීම මගින් ඒවා අන් අය සමග හවුල් කිරීමට හැකිය. (පින්තූර සමගින් ඔබට කළ හැකි තවත් දේ හැදෑරීමට, අංකිත(usb) පින්තූර සමග වැඩ කිරීම බලන්න.) එසේම ඔබට ශ්‍රව්‍ය CDවලින් සංගීතය ආයාත කිරීම (ඔබේ පරිගණකයට මාරුකිරීම) මගින් හෝ සංගීත වෙබ් අඩයවියකින් ගීත මිලදී ගැනීම මගින් හෝ අන්තර්ජාල හරහා විකාශය වන ගුවන් විදුලි දහස් ගණන් අතරින් එකකට සුසර(tune) කිරීම මගින් හෝ පරිගණකයෙන් සංගීතයට සවන් දීමට ඔබට හැකිය. ඔබේ පරිගණකයට DVD ධාවකයක් තිබේ නම්, සලරූ නැරඹීමට ද පුළුවන.

Games

ඔබ ක්‍රීඩාවල(games)යෙදීමට කැමති ද? ඔබට විනෝදාස්වාදය ලබා දීමට සමත් සිතිය හැකි ඕනෑම ආකාරයක ප්‍රවර්ගයන්ට අයත් පරිගණක ක්‍රීඩා දහස් ගණනක් ඇත. රේසිං කාරයක සුක්කානම පැදවීමට, බිය ජනක සතෙකු සමග ඇඳිරි ගෙයක් තුළ සටන් කිරීමට, ශිෂ්ටාචාරයන් සහ අධිරාජ්‍යන් පාලනය කිරීමට මෙම ක්‍රීඩා මගින් කළ හැකිය. අන්තර්ජාලය හරහා ලෝකය පුරා සිටින පුද්ගලයන් හා තරග වැදීමට ද බොහෝ ක්‍රීඩා ඉඩ සලසයි. Windows හි විවිධ කාඩ් ක්‍රීඩා, ප්‍රෙහේලිකා ක්‍රීඩා, ක්‍රමෝපායිත ක්‍රීඩා ඇතුළත්ය ( Windows ක්‍රීඩා පිළිබඳ හැදැරීම පිළිබඳ හදාරන්න බලන්න).